Methmal Arana – ශ්‍රමදාන - 2025.09.19

විමසීම් සඳහා
+94 77 33 73 129

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

කළුතර නගරය අවට* *නවතම  මෙත්මල් අරණ ගොඩනැගීම*
***********************

* *බුද්ධෝත්පාදෝ නවතම මෙත්මල් අරණ ශ්‍රමදාන කටයුතු*

*කළුතර නගරය අවට* *නවතම  මෙත්මල් අරණ ගොඩනැගීම* වැඩ කටයුතු දැන් ආරම්භ කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු..

බුද්ධෝත්පාදෝ දේශනා ශ්‍රවණය කරන ඔබට එම මෙත්මල් අරණ ගොඩනැගීම *ශ්‍රමදාන කටයුතු සදහා සහයෝගය* දැක්වීමේ උතුම් අවස්ථාව ලැබී ඇත. ඔඛගේ සහභාගිත්වය ඉතා කරුණාවෙන් අපේක්ෂා කරමු.

  *දිනය ; 19.09.2025 සිකුරාදා*
   *උදෑසන 8.00*

තෙරුවන් සරණයි! 

Methmal Arana – ශ්‍රමදාන - 2025.09.17

විමසීම් සඳහා
TP 077 06 27 555

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

කුරුණෑගල මෙත්මල් විවේකාශ්‍රමයේ නිමකිරීම කටයුතු සදහා ශ්‍රමදානයක් පැවැත්වීම
***********************

මෙත් සිසිලස පතුරුවාලන බුද්ධෝත්පාද මෙත්මල් ආරාණ දෙරණ පුරාම ඉදිවෙමින් පවතී.

ඒ අනුව 2025.09.17 දින කුරුණෑගල මෙත්මල් විවේකාශ්‍රමයේ නිමකිරීම කටයුතු සදහා ශ්‍රමදානයක් පැවැත්වීමට සූදානම් කර ඇත.

මෙම උතුම් කටයුත්ත සදහා ඔබටත් සහයෝගය දැක්වීමට අවස්ථාව ලැබී ඇත. ඒ සදහා 17.09.2025 ( හෙට දින) උදෑසන  8 පමණ වන විට විවේකාශ්‍රම භූමියට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිමු.

Methmal Arana – ශ්‍රමදාන - 15.09.2025 සදුදා

විමසීම් සඳහා
TP  +070 40 23 318

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

බැලුම්ගල බුද්ධෝත්පාදෝ මෙත්මල් අරණ – ශ්‍රමදාන කටයුතු*
***********************

බුද්ධෝත්පාදෝ සත්‍ය ධර්මය ලොවට විවර වී ඇති මෙවන් මොහොතක ලක්දිවයින පුරාම මෙත්මල් ආරාණ ගොඩනැගෙමින් පවතින බව ඉතාමත්ම සතුටින් දන්වා සිටිමු.

රහතන් වහන්සේලාගේ යුගයේ මෙන් ගල්-ලෙන් වල ඇති කුටි ආකාරයට සකස් වෙන බැලූම්ගල මෙත්මල් අරණ ගොඩනැගීම වැඩ කටයුතු දැන් ආරම්භ කර ඇත. මෙම උතුම් කටයුත්ත සඳහා ඔබටත් සහභාගී වීමට අවස්ථාව ඇත.

*ශ්‍රමයෙන් දායක විය හැකි එම ශ්‍රමදාන කටයුතු 15.09.2025 සදුදා දින උදෑසන 8.30 සිදුවන බැවින් ඔබගේ සහභාගිත්වය ඉතා කරුණාවෙන් අපේක්ෂා කරමු.*

ඔබට ඇත්නම් උදැල්ලක්, කැත්තක්, ලොකු පිහියක්, කියතක්, මිටියක් වැනි ආයුධයක් රැගෙන එන්නට කාරුණික වන්න.

Methmal Arana – ශ්‍රමදාන - 04.08.2024 ඉරිදා දින

විමසීම් සඳහා
TP  +94 77 062 7553

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

*****************************
*අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ සේනාසන*
*****************************

2024 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වන වර්ෂයයි.

බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි,  අලුතින්ම එක්වූ *පොතුහැර මෙත්මල් ආරාණයේ සුළු අලුත් වැඩියා කටයුතු* කිරීමට අවශ්‍යව ඇත.

මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍යට සඳහා අප සැම *සාමුහිකව ශ්‍රමදානයක් ලෙස කටයුතු කිරීමට 04.08.2024 ඉරිදා දින* සැලසුම් කර ඇත. ඒ සඳහා ඔබගේ සහයෝගය ඉතාමත්ම අගය කොට සලකමු.

මෙම ආරාණ සේනාසනයට මූලික අවශ්‍යතා (ඇඳ, මේස, පුටු යනාදිය) සපයා දීමෙන් හෝ මුදලින් ඔබටත් සහයෝගය දැක්වීමට අවස්ථාව ඇත.

මෙම සුළු අලුත් වැඩියා කටයුතු වලින් පසු එම ආරාණ සේනාසනය ඔබගේ ප්‍රායෝගික පුහුණුව සඳහා විවෘත වීමට නියමිතයි.

තෙරුවන් සරණයි!