මෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල  පැවැත්වෙන එක්දින ප්‍රායෝගික පුහුණුව

බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි  මෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල *එක්දින* ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.

පෙරවරු* *8.30*  සිට *සවස* *4.00*  දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ මෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.

තෙරුවන් සරණයි

මෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල  පැවැත්වෙන එක්දින ප්‍රායෝගික පුහුණුව

විමසීම
TP  +94 71 033 1617
      +94 70 635 2201

*සෑම සෙනසුරාදා දිනකම* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ

**මාතර* මෙත්මල් මෙහෙණි අරණ
**රාජාංගනය* මෙත්මල් මෙහෙණි අරණ

*සෑම ඉරිදා දිනකම* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ

* *කුරුණෑගල* මෙත්මල් මෙහෙණි අරණ
* *මතුගම* මෙත්මල් මෙහෙණි අරණ
* *මහියංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *මිහින්තලය* මෙත්මල් මෙහෙණි අරණ
* *කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ

බුද්ධෝත්පාදෝ
 
 “නිවැරදි නිවන් මග හඳුනා ගනිමු”. (සත්‍ය, කෘත්‍ය, කෘතක්)
 
* නිවන් දැකීම සඳහා ප්‍රායෝගිකව ඔබ කටයුතු කළ යුතු ආකාරය
 
 *බුදුරජාණන් වහන්සේ දම්සක් සූත්‍රයේ පැහැදිලි කරන අයුරින්
 
 “සත්‍ය කෘත්‍ය කෘතක් තිපරිවට්ටං ද්වාදසාකාරං  යථාභූතං ඥානදස්සනං සුවිසුද්ධන් අහෝසි”
 
          *සත්‍ය ඤාණය
          *කෘත්‍ය ඤාණය
          * කෘතඥානය
 
 ලෙස නිවැරදිව ම නිවන් මඟ දේශනා කර ඇත.
 
 *මේ පිළිවෙලට නිවන් මඟ වැඩීම තුළ ආත්ම දෘෂ්ඨිය දුරු වී ආත්ම සංඥාව දියවී “අනාත්ම ස්වභාවයට” පැමිණෙන ආකාරය පැහැදිලි කර ඇත.
 
 *එනම් ඔබට සතියක් තුළ නිවන් මඟ මුල, මැද, අග ලෙස කටයුතු කරන ආකාරය පහතින් පෙන්වා ඇත.
 
1. *පළමු වන දිනය
 බුද්ධ දර්ශනය පැහැදිලි කිරීම (සත්‍ය ඤාණය අවබෝධ කරගත යුතුයි) ආත්මය හැදෙන හැටි.
 
2.*දෙවන දිනය 
(සත්‍ය ඤාණය පැහැදිලි කිරීම සත්‍ය ඤාණය අවබෝධ කරගත යුතුයි) ආත්මය හැදෙන හැටි, ආත්ම දෘෂ්ටිය, ආත්ම සංඥාව දැනගැනීම.
 
3. *තුන්වන දිනය 
අරමුණ බාහිරය ඇත්තක් නොවන බවත්, එය සිතුවිල්ලක් බවත්, දකිමින් කටයුතු කිරීම.
 
4. *හතරවන දිනය 
අරමුණ සිතිවිල්ලක් බවත්, සිතිවිල්ල සත්‍යයක් නොවන බවත්, දකිමින් කටයුතු කිරීම
 
5. *පස්වන දිනය
 බාහිරයත්, සිතත් සත්‍යයක් නොවන බව දකිමින් මිදෙමින් කටයුතු කිරීම.
(ක්‍රියා සිත දකිමින් කටයුතු කිරීම) ආයතන දැකීම.
 
6.* හයවන දිනය 
අරමුණ ආත්මය වශයෙන් නොගෙන ක්‍රියාවලියක් බව දකිමින් කටයුතු කිරීම
 
7.* හත්වන දිනය 
විවේක සුවයෙන් කටයුතු කිරීම.
 
* මෙය සතියක් වඩන ආකාරය ඉහතින් දැක්වේ මේ ආකාරයට තවදුරටත් සති දෙක, තුන, මාසයක් යන ආකාරයට වැඩි වන ලෙස සකස් කර ගත හැක.
 
* මෙය මූලාශ්‍ර කොට ගෙන කෙනාට සුදුසු ආකාරයේ සකස් කරගත හැක.
 
බුද්ධෝත්පාද ආරයන්වහන්සේ