බුද්ධෝත්පාදෝ ආර්යන්වහන්සේ තැබු දහම් කෙටි සටහන් - 1
  • ඔබ කිසිදා අසා නැති සත්‍යම දහමයි මේ.
  • ප්‍රායෝගිකවම අපට මෙය ප්‍රත්‍යක්ෂයි.
  • දිව්‍ය ලෝකෙට යන්නේ බ්‍රහ්ම ලෝකෙට යන්නේ නිවන් දකින්නේ මැරිල නෙමෙයි.
  • මේ ජීවත් වෙන මේ මොහොතේ මයි.
  • ඔය බඩුමුට්ටු වලින් හොයන ලෞකික සුවය තාවකාලිකයි .
  • ඔබ නොදන්නවා වුණත් ඔබ ගාවම සදාතනික සුවය තියෙනවා.
  • ඒ දෙකීම පහසු නොවේ.
  • අපිට විවේකයක් නෑ අපි විශ්වාස කරන්නෙ අදහන්නේ මායාවක් අපි රැවටිලා ඉන්නේ .
  • මේ ආසන  ඔබ සත්‍ය දකිනවා
  • ප්‍රායෝගිකවම ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා.
  • මරණය බොරුවක් වෙනවා.
  • මේ අත්විඳින  ඔබ සදාතනික සුවයට   පත්වෙනවා.
  • ලුණු කාපු නැති කෙනෙක්කොහොමද ලුණු  රස ගැන කියන්නෙ.   
  • ඔබ සිත  තුළින්ම ඔබ  මෙය දැක ගත යුතුමයි.  
  • සත්‍යය නම් සත්‍යමයි.
  • සත්‍යය නොදන්නා තාක් ඔබ ඉන්නේ අන්ධකාරේ. 
  • ඔබව  ඕන කෙනෙකුට   රවට්ටන්න.
  • ඔබ රැවටෙනවා 
  • අපි ඔබට සත්‍යම පවසනවා.
  • සමාජය තියෙන්නේ රැවටීම් මායා වලල්ලක කොටු වෙලා.
  • ඒ නිසාම මේ පරම සත්‍යය සමාජයට දීම ඉතාම අසීරුයි .
  • සමාජය කියන්නේ දෘෂ්ටි කාන්තාරයක් 
  • අපි හැමෝම මේ සමාජයේ කොටස්කරුවන් ඔබ දන්නවා.
  • විවිධාකාර  ආගම් ඇදහිලි විස්වාස මිත්‍යා දෘෂ්ටිවලට වැටිලා අන්දභක්තියට වැටිලා මං මුලා වෙලා අතරමං වුණු සමාජයකට කොහමද මේ සත්‍ය  පවසන්නේ ඔවුන්ගේ පුරුදු අතහැර ගන්න බැරිව ඔවුන්  දුක් විදිනව .
  • ඔබත් හිතලා බලන්න දෙයියො  කියලා සංකල්පයක් හදාගෙන ඒ නොදකින  දෙවියන්ට මුළු ජීවිතයම බදු දෙනව, බාර වෙනවා, යදිනවා, අදහනවා,
  • බුදුන් වහන්සේ පවා කල්පනා කරනවා මේ සත්‍යයෙ  දහම කොහොමද මිනිසුන්ට කියන්නේ කියලා.
  • ඔබත් ඉන්නේ දුෂ්ටි කාන්තාරයක බෞද්ධ නාමයෙන් අද සමාජයේ හැම හැමදේම කරන්නේ දෘෂ්ටියකට කොටුවෙලා නෙමෙද .
  • හැම ආගමකම තියෙන සේරම ගොංකං අද බෞද්ධයෝත් කරනවා .
  • සියලූ දෘෂ්ඨි වලින් මිදුනු  තැනයි සම්මා දිට්ඨිය තියෙන්නේ .
  • ඔබත් හරි මග සොයා ගන්න.
  • අන්ධයෙක් වගේ ඉපදිල 
  •  අන්ධයෙක් වගේ මැරිල යනව.
  • සත්‍යය නොදන්නා තාක් අපි ඉන්නේ මෝහාන්ධකාරයෙමයි.
  • අපි ජීවත් වෙන්නෙ, කන්නෙ බොන්නෙ, මුදල් උපයන්නේ, මේ ශරීරය නඩත්තු කරන්නෙ, 
  • අයි අපිට මේ සසර දුකෙන් මිදෙන්න අවශ්‍ය නිසා.
  • නිවන් දකින්න ඕනේ නිසා ඒ වෙනුවෙන් තමයි අපි සියල්ල ම කළ යුතු වන්නේ.
  • ඔය හොයන මුදල්, බඩු මුට්ටු, දේපල, දූදරුවෝ මැරෙන කොට ගෙනියන්න පුළුවන්ද?
  •  බැහැ නේද ?
  • අවසානයේ ඔබට ඉතිරි වන්නේ  දුකම පමණයි .
  • දිව්‍යලෝකෙ යනවා කිව්වට ඔය  කතාව  බොරුවක් වෙනවා .
  • ඔබ අන්ත අසරණ වෙනවා .
  • අද අදම සත්‍ය දැනගන්න 
  • ඔය මුලාවෙන් බොරුවෙන් රැවටීමෙන් වැළකෙන්න.
  • ඔබට වෙන දේ අපි දන්නවා ඒකයි මෙහෙම කියන්නේ අපට කළ හැක්කේ මෙපමණයි සත්‍යය  පැවසීම පමණයි .
  • ඒ වෙනුවෙන් මනාව සැලසුම් කළ දේශනා මාලාවක් අපි ඔබට  ඉදිරිපත් කර තිබේ.
  • අසා බලන්න 
  • ඔබ මහා පින්වන්තයි.
  •  ඔබ මහා පින් කළ ඇත්තෝමවේ.
  •  නැතිනම් මේ පරම සත්‍යය කවදාවත් ඔබට ඇසෙන්නෙ නෑ.  
  • අපි ඒක දන්නවා 
  • මේ දේශනා  අහන්නත් පිනක් තියතියෙන්න  ඕන.
  • සියල්ල ඔබට ප්‍රත්‍යක්ෂ වේවි.
  • මේක මැරිල අවබෝධ කරගන්න දෙයක් නෙවෙයි.
  • මැරිල  කරන්න පුළුවන් දේකුත් නැහැ. 
  • මේකට මනුස්ස ආත්මයක්ම ලබන්නම ඕන 
  • ඔබට සියල්ලම ලැබිලා තියෙනවා 
  • ධර්මයත් ඇහෙනවා .
  • එහෙම නම් ඔබ මේ ඝෝර සසරෙන්  මිදෙන්නවා නියතයි .
 
තෙරුවන් සරණයි !!!
1 - ඔබ කිසිදා අසා නැති සත්‍යම දහමයි මේ.
  • කොතරම් වැඩ තිබුණත් අපි හැමෝම දවසක මැරෙනවා.
  • අමතක කරන්නෙපා මැරෙනකොට ඒ දේවල් ගෙනියන්න බැ.
  • ඔබ විශ්වාස කරනවද මේ ඉන්න ලෝකය මායාවක් බොරුවක් කියලා .
  • ඇත්තටම අපි නමට බෞද්ධ උනාට මේ සත්‍ය නොදන්නාතාක් අපි බෞද්ධ නෙමේ.
  • මේ කියන ධර්මයේ ධර්මය ඉතාම දුර්ලභයි.
  • කණගාටුවට කරුණ මේ ඔබට අහන්න ලැබෙන්නේ තව ටික දවසක් පමණයි .
  • ඔබ දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකයට නිවනට යන්නේ මැරිල නෙමෙයි .
  • මේ ජීවත් වන මේ ජීවිතය තුළ දිමයි .මේ සිත තුළමයි ඔය ලෝක සියල්ලම තියෙන්නෙ.
  • ඒ දැකීම නම් ලේසි නෑ.
  • අපට අත්දැකීම් තියෙනවා නැත්නම් එහෙම කියන්නේ නෑ .
  • අපිට ප්‍රත්‍යක්ෂ වුනු දහමක්  අපි දේශනා කරන්නේ .
  • මේ සත්‍යය දවසක ඔබටම සාන්දිට්ඨික වේවි.
  • ඔබත් ධර්මය සත්‍ය අවබෝධ කරගන්න. එවිට ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි.
  • ඔය බාහිරින් බඩු මුට්ටු වලින් හොයන, දරුවන්ගෙන් ගෙවල් දොරවල් වලින් රැකියාවලින් මිල මුදලින් හොයන ඒ ලෞකික සැපය පවතින්නේ නෑ .
  • නමුත් සිත අවබෝධ කර ගැනීමෙන් කරගැනීමෙන් සත්‍යාවබෝධය වීමෙන් බාහිරයෙන් මිදිලා ලබන ලොව්තුරු සුවය සදාකාලිකයි .
  • මේ ජීවිතය තුළදීම ඔබටත් පුළුවන් ලොව්තුරු සුව යටපත් වෙන්න. 
  • මැරිලා නෙමෙයි ජීවත්වෙන කාලය තුළදිම.
  • මැරුනයින් පස්සේ මොකද වෙන්නේ කියලා ඔබ දන්නෙ කොහොමද
  • එතකොට මැරිල ඉවරයි නේ .
  • ඔබව හිතන ඔය කිසිම ලෝකයක් බාහිර නෑ .
  • සියල්ලෙන්ම ඔබ සිතතුලින්ම  දැක ගන්න .
  • මේ පරම සත්‍යය නොදන්නා ඔබත් හරියට අන්ධයෙක් වගේ 
  • අන්ධයෙක් වගේ ඉපදිලා.
  • අන්ධයෙක් වගේ ජීවත් වෙලා.
  • අන්ධයෙක් වගේ මැරිල යනවාට  ඔබත් කැමතිද .
  • සත්‍ය නොදන්නා තාක් ඔබ මොහ  ඝන අන්ධකාරයෙ මැරි මැරී උපදිනවා .
  • කල්‍යාණ මිත්‍රයෙකු ලෙසිනි ලෙසින් මේ පරම සත්‍යය පැවසීම පමණයි අපට කළ හැක්කේ .
  • අප දරා සිටින ශරීර කූඩුවත් කොයි මොහොතක හෝ පොළොවට පස්වෙවි.
  • මේ පරම සත්‍යය අවබෝධ කළ අයෙක් විදිහට එය පැවසීම පමණයි අපට කළ හැක්කේ.
  • ඒ යුතුකම අපි ඉටු කළා පමණයි .
  • ඔබට එක් අවස්ථාවක මේ ගැන සිත යොමු කරන්න 
  • දවසක ඔබේ සිත් ආවද වේවි 
  • එදාට ඔබට සියල්ල වැටහෙවි
 
තෙරුවන් සරණයි !!!
 
  • අපි ඉන්නෙ දෘෂ්ටි කාන්තාරෙක අතරමං වෙලා.
  • අපි හරිම අසරණයි. 
  • භවය පතන කෙනා  බෞද්ධයකු නොවේ. 
  • සමාජය තුළ  මිථ්‍යා දෘෂ්ඨික ආගම් වලින් බුදුදහම වැහිලයි තියෙන්නේ.
  • ලොව පරම සත්‍යය ආගමකට අයිති නෑ . 
  • බුදුන් වහන්සේ ධර්මය දේශනා  කලේ සියලු සත්වයින්ට දුකින් මිදීම සඳහායි.
  • ඇත්තටම ඔබ සැබෑ බෞද්ධයෙක් නම් බණ කියන්න අවශ්‍යත් නැහැ .
  • බුද්ධ ධර්මය තුළ ඇත්තේ නිවන් මඟයි .
  • නිවන ඇත්තේ  භවයෙන් මිදුණු තැනයි .
  • භව පතන කෙනා බෞද්ධයකු නොවේ .
  • දිව්‍යලෝකයෙ යන්න බලන්  ඉන්නවා නම්, දිව්‍යලෝකෙ පතනව නම්, ඔහු බෞද්ධයකු නොවේ.
  • බුද්ධ ධර්මය තුළ ඇත්තේ නිවන්  මඟයි.

 

”  භව නිරෝදො  නිබ්බානො  “

  • නිවන ප්‍රාර්ථනා කරල  ලබන දෙයක් නොවේ . 
  • ධර්මය අසන්න 
  • ධර්මය ඇසෙන යුගයක ඉපදුණු ඔබ  මහා පින් ඇත්තෝම වේ .
  • නිවන් මඟට ප්‍රවේශ වන්න .
  • ඔබටත් පුළුවන් නිවන් දකින්න .
  • ඔබට නිවන් දකින  සත්‍ය බණක්….!
  • එසේනම්, එයම ඇති ඔබට සුගති පරායන වන්න .
  • ඒ නිස්සරණ මග හඳුනාගත්තොත් කෙදිනක හෝ ඔබ නිවනින්ම සැනසීම ලබනවා .
  • ඒතාක් ඔබට උරුම වන්නේ දුගතිය මයි.
  • සසරට බයේ දිව්‍යලෝකෙ පතන්න එපා.
  • එවිට ඔබට උරුම වන්නේ දුගතිය මයි. 
  • අද හාමුදුරුවරුත් ඒ වරද කරනවා.
  • ඒ අය යන්නේ දෙව්දත් ගිය මගේ. 
  • දෙව්දත් කරපු සේරම දේවල් ඒ අයත්  කරනවා.
  • ඒ අයට උරුම වන්නේ අවීචි මහා නරකාදිය පමණයි .
  • අනාගතේ භික්ෂූන් වහන්සේලා මහා තෙරවරු විදිහට අධර්මය දේශනා බව බුදුන් වහන්සේ දේශනා  කරනවා.
  • ඔබ පරිස්සම් වන්න…..
  • දිව්‍යලෝක යන්න බණ කියනවා  කියන්නේ ඔබගේ ආශාව තණ්හාව රාගය වැඩි වෙන බණක්  කියන්නේ.
  • රාගය වැඩි වෙන බණ කියයි නම් බුද්ධ දේශනයක් නොවේ .
  • අනාගතයේ පොත් ලියාගෙන මේ විදිහට බුදුන් වහන්සේ   කිව්වා කියලා  ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා බිහිවන බව බුදුන් වහන්සේ “කාලාම සූත්‍රයේ” මනාව දේශනා කොට තිබේ.
  • කිරිබත්ගොඩ ඥානන්ද හාමුදුරුවෝ අද ඒ දේ කරනවා.
  • ඒ අනුව යමින් සමහර භික්ෂූන් වහන්සේලා ඒ  වරදම කරනවා.
  • ඔබ පරිස්සම් මේ ලබපු මනුස්ස භාවය.
  • මිත්‍යාදෘෂ්ටියට යටවෙන්න දෙන්න එපා.
  • ඔබත් හොයලා බලන්න…..
  • බුදුන් වහන්සේ දේශනා කරන්නේ  නිස්සරණ මග.
  • එහි තණ්හාව අඩු වන තැනයි  නිවන් මග තියෙන්නේ

බුදුන්වහන්සේ ලෝකෙට දේශනා  කරන්නේ 

“ශුන්‍යතා පටිසංයුක්ත ” ධර්මයක් .

  • අපිට බොරු කියන්න බෑ 
  • අපි මේ ධර්මය අවබෝධ කළා.
  • සත්‍ය නම් සත්‍යමයි. 
  • ඔබ කැමති වුණත්  අකැමැති වුණත් සත්‍ය කිසිදා සැඟවිය නොහැකියි.
  • නිවැරදි ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා  අද සිටිනව.
  • ඔවුන් දේශනා කරන නිවන් මගට අනුගත “වොස්සග්ග පරිණාම වුණු ” ඒ පිරිසුදු ධර්මයේ ශ්‍රවණය කරන්න
  • එවිට ඔබටත් පුළුවනි  සෝවාන් මාර්ගට පැමිණ සුගති පරායන වන්න.
  • මේක මේ ආත්මෙදිම ඔබ ජීවත් වන කොටම මේ මොහොතෙම සිදුවනව.

බුදුන්වහන්සේ වදාල ධර්මය.

“සන්දි ට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න” 

  • මේක මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ වන දහමක් .
තෙරුවන් සරණයි!!! .
 
3 - අපි ඉන්නෙ දෘෂ්ටි කාන්තාරෙක අතරමං වෙලා.
බුද්ධ ධර්මය වෙනයි  – බුද්ධාගම වෙනයි 
 
  • බුද්ධාගම   => සංස්කෘතිය, සමාජ අවශ්‍යතා හා  විශ්වාස ඇදහිලි  අනුව නිර්මාණය වුවක් 
  • ආගම සමාජ පැවැත්මට උපකාර වේ. 
  • බුද්ධ ධර්මය යනු “ධර්මතාවයයි”, ලෝක ධර්මතාව යයි, පරම සත්‍යයයි.
  • එය ඇදහිලි  විශ්වාස මත පදනම් වුවක් නොවේ.
  • ලොව ඇත්තේ එකම “සත්‍යය”යි.
  • යමෙක්  ඒ පරම සත්‍යය අවබෝධ කරයිද , ඔහුට “බුද්ධ” යයි   කියනු ලැබේ.
  •  ලෝකෙට මුලින්ම ඒ පරම සත්‍යය අවබෝධ කර දේශනා කරන කෙනාට  “සම්මා සම්බුද්ධ ”  යයි කියනු ලැබේ . 
  • අන්න ඒ පරම සත්‍යය  යමෙක් අවබෝධ කරයි ද අන්න ඔහුට  බෞද්ධයෙකු යයි කියනු ලැබේ.
  • ඒතාක් උප්පැන්න සහතිකයේ නම තිබූ පලියට  බෞද්ධයකු නොවේ.
  • නමට බෞද්ධයෙක් වීමෙන් පලක් තිබේද? ඔබ  මිථ්‍යාදෘෂ්ටියෙ නම්…  බෞද්ධයෙක් වන්නේ කෙසේද?
  • බුදුන් වහන්සේ  ධර්මය දේශනා කළේ බෞද්ධයින්ට ද ?
  • බුදු කෙනෙක් ලෝකෙ පහළ වන්නේ සියලු සත්වයින් දුකින් මුදවා ගැනීමටයි.
  • මිථ්‍යා දෘෂ්ඨික ආගම් ගොඩේ අද බුදුදහමත් ආගමක් කරගෙන එතැන තියෙන්නෙත් මිථ්‍යාදෘෂ්ටියම නොවේද?
  • අද  බුද්ධාගම් කාරයෝ වැටිලා ඉන්නේ අන්ධකාර ප්‍රපාතයකට…. .
  • අර මිථ්‍යා දෘෂ්ඨික ආගම් වල කෑලි කෑලි එල්ලගෙන  හදාගත්ත බුද්ධාගමක් අද අපිට ඉතුරු වෙලා .
  • අවාසනාවකට ඒකෙ නෑ ධර්මය .
  • අද බෞද්ධයා සරණයි 
  • ඔබ වැටිලා ඉන්න මර උගුලෙන් 
  • බේරෙන්නෙ කොහොමද?
  • ඔබ හරි අසරණයි 
  • ඔබට  වෙන දේ ඔබවත් දන්නේ නෑ….
  • ආශාවන් පස්සේ දුවනවා …..
  • බඩුමුට්ටු පස්සේ දුවනවා ….
  • සල්ලි හොයන්න දුවනවා ….
  • අද හාමුදුරුවරුත් රස්සා කරනවා….
  • ඔවුනුත් සැප හොයනවා…..
  • අද හාමුදුරුවරු ඉල්ලීම් ඉල්ලනවා…. 
  • උපාධි ගහලා  රැකියා  පෝලිම් වල දුක් විඳිනවා…..
  •  හාමුදුරුවරු කවද්ද හම්බ කළේ, හාමුදුරුවරු කවද්ද බිස්නස් කලෙ…?
  • ඔබත් ඇස් දෙක ඇරල බලන්න …
  • බුද්ධාගම වෙනයි….
  •  අද ඒක මඩ ගොඩක එරිලා.

බුද්ධ ධර්මය වෙනයි….

  • අපි බොහෝම පින්වන්තයි .
  • මෙවන් යුගයකත් ඉපදීලා මේ පරම සත්‍යය අපි  අවබෝධ කළා
  • එ  සත්‍යයෙ පණිවුඩය ශක්තිමත් හිතකට පමණයි අවබෝධ කළ හැක්කේ…..
  • ඔබේ සිතට ධෛර්ය ගන්න ඒ සත්‍ය.. දරාගන්න.
  • නිවන් මඟට ප්‍රවේශ වෙන්න.
  • එහෙයි සුගතියට ඇති එකම මග.
  • අපි නැවත නැවතත් කියනව .
  • ඔබ දිව්‍ය ලෝකෙට හිත තියයිද, එයමයි මිථ්‍යාදෘෂ්ටිය.
  •  ඔය දිව්‍යලෝක මායාවෙ ඉන්නතාක් ඔබ ඉන්නෙ මිත්‍යාදෘෂ්ඨියෙ මයි.
  • ඔබට උරුම වන්නේ දුකම පමණයි.
  • බෞද්ධ  යනු  භවයෙන් මිදීමයි.
  • භවය පතන තාක්  ඔබ බෞද්ධයෙකු නොවේ.
  • අද හාමුදුරුවරුත් භවය පතනවා .
  • ඔබ පරිස්සම් වන්න …
  • කල්‍යාණ මිතුරෙක් ලෙසින් අපට කළ හැක්කේ මෙපණයි 
තෙරුන් සරණයි!!! .
4 - බුද්ධ ධර්මය වෙනයි - බුද්ධාගම වෙනයි

සත්‍ය නොදන්නා තාක්  දෑස් තිබුනත් අපි අන්දයි.

  • සත්‍ය දැනෙනවද ? සත්‍යය අප ළඟමයි…. .
  • සත්‍යය ඇති තැන දුකක් කොයින්ද ? සියලු දුක් ගිනි සදහටම එදාට ඔබෙන්  තුරන් වෙනවා.
  • අපි මනුස්ස ආත්මයක් ලැබුවේ ඒ පරම සත්‍යය අවබෝධ කිරීම සඳහා මයි .
  • ඔබ මොන මොන දේ කරත් ඒ සත්‍යය ඔබ අවබෝධ නොකළොත් ඔබට උරුම වන්නේ දුකම පමණයි .
  • මේ මුළු ලෝකෙම ඔබට දකින්න ලැබෙන්නේ  මායාවක් පමණි.
  • ඔබ මායාවකට රැවටී සිටින්නේ .
  • ඒ රැවටීමෙන් මිදෙන්න එක ලේසි නෑ .
  • ඔබ අහයි!…  ලෝකේ බොරුවක් කියන්නේ කොහොමද ? කියල
  •  මේ පේන්නේ …, මේ අපි අල්ලන්නේ…, මේ තියෙන්නේ…. , 
  • මේ පෙනි පෙනි තියෙද්දි කොහොමද බොරුවක් කියන්නේ ?
  • ඇත්ත !!!
  • ඔබට පේන්නේ පාටට ටිකක් …
  • කණට ඇහෙන්නේ  සබ්දයක් …
  • අතට දැනෙන්නේ  තද ගතියක් ….
  • නාසයට දැනෙන්නේ  ගන්ධයක් …
  • දිවට දැනෙන්නෙ රසක් ….

මුළු ලෝකෙම ඔය සේරම එකතු කරගෙන අපි හිතින් හදා ගන්න මායාවක් විතරයි  . අවසානයේ ……..

  • අපිම හදාගත්ත මායාවකට අපිම  රැවටිලා  දුක් විඳිනවා .
  • දරුවා ඉන්නේ 
  •  එළියද  ?
  • හිතේ ද  ?

” චිත්තේන නීයති ලෝකෙ “

  • සිතේම හැදෙන ලෝකෙක අපි අතරමං වෙලා .
  • දරුවා  මැරුනත් හිතේ   ඉන්නකං
  • ඔබට දුක එනවා .
  • ඔබ ඉන්නේ බොරු ලෝකෙක අතරමං වෙලා.
  • දියෙ ගහගෙන යන දණ්ඩට පිහිටක් කොයින්ද ?
  • අපිටත් පිහිටක් නෑ නේද ?

“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ   මේ සරණං වරං

  • අපි ඔබට සත්‍ය පවසනවා 
  • ඒ සත්‍යය හොඳින් අසන්න 
  • ඔබ සංසාර දුකින් මිදෙනවා 
  • අපි ඔබට ඇප වෙනවා .
  • මේ ආත්මෙදි පමණක් නෙමෙයි .
  • ඔබ කිසිදා සසර දුකකට වැටෙන්නේ නෑ. 
  • ඔබ සම්මා දිට්ඨියට පැමිණෙනවා.
  • සියලු දෘෂ්ටීන්ගෙන් ඔබ මිදෙනවා 
  • ඒ පරම සත්‍ය අප ඔබට  දේශනා කරනවා .
  • හොඳින් අසන්න….. 
  • මෙය  ඇසෙන ඔබ මහා පින්වන්තයි
  • ඒක ඒකාන්තයි .

 ” ඔබ සෝවාන් මාර්ග ඥානයට පත්වෙනවා .”

  • මෙහි ඇති සතර සතිපට්ටාන දේශනා මාලාව හොඳින් අසන්න ….
  • දර්ශන සත්‍ය අවබෝධය සඳහයි
  • එය අවශ්‍යමයි .
  • කල්‍යාණ මිත්‍රයෙකුට කළ හැක්කේ එපමණයි …..
    තෙරුවන් සරණයි !!!
 
5 - සත්‍ය නොදන්නා තාක්  දෑස් තිබුනත් අපි අන්දයි

ප්‍රතිපදාව හඳුනගන්න…………

 
  • අපි කළ යුතු දෙයක් තියෙනවා .
  • අපි මේ එන එන හිතට ඇත්ත පෙන්නන්න ඕනි…. 
  • මේ ලෝකෙ කිසිම දෙයක් පවතින්නේ නෑ.
  • මේ හිතත් පවතින්නෙ නෑ….
  • ඇත්ත නම්  සියල්ල අනිත්‍යයි.
  • මේ ඇත්ත හැම මොහොතෙම අපි දකින්න ඕනි .
  • හැබැයි ඒ ඔබ හිතන විදියට නෙමෙයි.
  • බුදුන්වහන්සේ වදාල ආකාරයට ඇත්ත දකින්න ඕනි……
  • එහෙම වුණොත් පමණයි ඔබ දුකින් මිදෙන්නෙ.
  • දුකින් මිදෙන මග ඔබට හමුවෙන්නේ.
  • නැත්තං ඔබ ඉන්නේ මුලාවකමයි……… .

අද සමාජය තුළ බුද්ධාගම කියලා එල්ලගෙන ඉන්න එකක්වත් බුදුන් වහන්සේ පනවන ප්‍රතිපදාව තුළ නෑ .

  •  එයයි සත්‍යය.
  • අපි ගාත කිව්වට නිවන් දකින් නෑ.
  • අපි පිරිත් නූල් ගැට ගැහුවට නිවන් දකින්නෙ නෑ.
  • අපි කොඩියක් උස්සන් ගියාට නිවන්  දකින්නෙ නෑ.
  • ධාතු වන්දනාවෙ ගියාට නිවන්  දකින්නේ නැහැ .
  • පලතුරු වට්ටි පූජා කලාට  නිවන් දකින්නෙ නෑ .

බුදුන් වහන්සේ දේශනා කරන්නව

” තෙලින්, මලින් මා පුදන්නෝ

 මා පුදන්නෝ නොවෙති “

“ප්‍රතිපත්තියෙන් මා පුදන්නෝ

 මා පුදන්නෝ වෙති “

  • අන්න ඒ ප්‍රතිපදාවයි….. අපි ඔබට කියල දෙන්නෙ.
  • අපි මේ ධර්මය අවබෝධ කළා….. .
  • ඒ සඳහා අපි කටයුතු කරපු ප්‍රතිපදාවක් තියෙනවා. 
  • එයයි වැදගත් .
  • මේ දේශනය තුළ අපි එය එළි කරනවා.
  • ඔබ එය හොඳින් අසන්න ……
  • සසර දුකින් මිදෙන එකම මග එයයි ….
  • අප එය හොඳින් දන්නවා.
  • අපි කතා කරන්නේ ප්‍රායෝගිකව  ඔබටම  මේ මොහොතෙම  ප්‍රත්‍යක්ෂ වන ප්‍රතිපදාවක් ගැනයි….. .
  • නිවන් දකින්න මැරිලා නෙමෙයි…… .
  • මේ මොහොතේ මයි…… .

“සන්දිට්ඨිකෝ ,අකාලිකෝ  ඒහිපස්සිකෝ, ඕපනායිකෝ “

  • මේ කියන්නේ ගාතාවක් නෙමෙයි…. 
  • මේ මොහොතේම තමාටම ප්‍රත්‍යක්ෂ වන බවයි.
  •  

දාන දාහක් දෙනවට වඩා එක් මොහොතක් සිතේ සත්‍ය දකී නම් බුදුන්වහන්සේ අගේ කරන්නේ එයයි .

තෙරුවන් සරණයි !!!
6 - ප්‍රතිපදාව හඳුනගන්න.

ප්‍රතිපදාව ඉතාම වැදගත් ………..

 
  • ඔබ කුමන  රැකියාවක් කරත් …
  • ඔබ කුමන ව්‍යාපාරයක් කරත් …
  • ඔබ ඉගෙන ගන්න කෙනෙක් වුණත් ….
  • ඔබ කුමන වයසක සිටියත් ….
  • මේ ප්‍රතිපදාව  අනුව ඔබ කටයුතු කරයි නම් ,
  • ඔබ නියත වශයෙන්ම කවදා කොහොම මේ ජීවිතයෙන් සමුගත්තත්  සුගතියකම උපදිනවා .
  • ඒක ඒකාන්තයි 
  • මෙලොව ලොකුම දානේ දීපු මල්ලිකා දේවිය සතර අපායට වැටුණේ ඇයි ?
  • අසූහාර දහසක් වෙහෙර විහාර  හදපු අශෝක අධිරාජයා සතර  අපායට වැටුණේ ඇයි ?
  • ප්‍රතිපදාව වැරදි නිසා …..
  • සත්‍ය ඥානය නැති නිසා …..
  • දර්ශනය නොදත් නිසා …..
  • එහෙම නම් ඔබටත් එසේ වේවි 
  • සෑම බෞද්ධයෙක් තුළම නිවැරදි ප්‍රතිපදාවක් තිබිය යුතුමයි.
  • ඔබේ තරාතිරම ආදාල නෑ .
  • එසේ නොවේ නම් ඔබ ඉන්නේ අන්ධකාර තැනක.
  • ඔබව දුගතියට වැටෙන එකෙන් වලකන්න කිසි කෙනෙකුට බෑ  .
  • අද බෞද්ධ ලේබලේ ගහගෙන හිටියට බොහෝ අය ඉන්නේ  මිථ්‍යාදෘෂ්ටියෙමයි.
  • ඔවුන් ඔහේ වැඳ වැඳ යනවා 
  • සම්මා දිට්ඨිය  මොකක්ද කියලවත් දන්නේ නෑ.
  • ඔවුන්ට පිළිසරණක් වෙන්න කාටවත් බෑ.
  • එතනදි  අපිත් අසරණයි !!!
  • අන්ධයාට කොහොමද පාට ගැන කියලා දෙන්නේ.
  • මිථ්‍යා දෘෂ්ටිය ඒ තරම්ම දරුණුයි 
  • ඔවුන් හිතන්නෙ ඔවුන් සම්මාදිට්ඨයෙ ඉන්නව කියලා . 
  • ගාථ කිව්වට, ධාතු වන්දනා, පිරිත් නූල් ගැට ගැහුවට, මල් පුජ කලාට,  පලතුරු වට්ටි පූජා කළාට, සම්මා දිට්ඨියට එන්නෙ නෑ.
  •  

බුදුන් වහන්සේ දේශනා කරනවා 

“තෙලින් මලින් මා පුදන්නෝ මා පුදන්නෝ නොවෙති – ප්‍රතිපත්තියෙන් මා පුදන්නෝ මා  පුදන්නෝ වෙති”.

  • සමහරවිට ඔබ නොදන්නවා උනාට ඔබ ඉන්නේ දෙව්දත්ගෙ සාසනයෙ විය හැකිය.
  • මොකද ඔය දේවල් කළේ දෙව්දත්…. .
  • අද බෞද්ධ සමාජය තුළ සැබෑ ධර්මය ඉස්මතු වෙලා නෑ .
  • අනිත් ආගම් වල ඇදහිලි විශ්වාස වලින්  ධර්මය වැහිලයි තියෙන්නේ.
  • ඒ නිසාම මුළු බෞද්ධ සමාජයම අසරණ වෙලා තියෙන්නෙ.
  • අද බෞද්ධයාට පිළිසරණක් නැති  වෙලා.
  • බෞද්ධයා කියන්නේ භවය පතන කෙනෙක් නෙමෙයි.
  • භවය පතන කෙනෙක් බෞද්ධයෙක්  වෙන්නෙත් නෑ .
  • ඒත් අද බෞද්ධයා අනිත් ආගම් වල වගේම දිව්‍යලෝකෙ  යන්න  හිතනවා.
  • සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු කෙනෙක් පහල උනේ ඕක කියන්නද?…..
  • ඕක අනිත් ආගම් වල හොඳට කියනවනේ.

“පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු “

  • මහණෙනි මම නුඹට පෙර නොඇසුවක් පවසමි.
  • බුදුන් වහන්සේ දේශනා කරන පෙර නොඇසූ විරු දහම හැම ආගමකම තියෙන දිව්‍යලෝකෙ යන කතාවද ?
  • නෑ නේද !……
  • මේ දෙන පණිවිඩය ඉතාම වැදගත්….. 
  • ඔබ අපට දොස් කියාවි……
  • ඒකට කමක් නෑ….. 
  • මේ ශරීර කූඩුව කොයි මොහොතෙ හරි  පොළොවට පස් වෙලායාවි.
  • අපි කියන එක වචනය හරි නිවැරදි විය යුතුයි .
  • අපි මේ ප්‍රතිපදාව ගැන ඔබට දේශනා කරන්නේ හොඳින් අවබෝධ කර ගෙනයි.
  • අප මේ කාරණාව   ඔබට පවසන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය කින්…….. .
  • අපි ඉදිරිපත් කරපු දේශනා මාලාවේ අවසාන කොටසටයි දැන් පැමිණ තිබෙන්නේ ……

ඒ ප්‍රතිපදාවයි .

  • මෙහි තිබෙන්නේ ඔබගේ ප්‍රතිපදාවයි.
  • මෙය සුළුකොට තකන්න එපා .
  • මේ කියන දේවල් පොත්වල දකින්න ලැබෙන්නේ නෑ .
  • ධර්මය ප්‍රත්‍යක්ෂ වූ විට පමණයි. නිවන් මග  ප්‍රතිපදාව පැහැදිලිව නිවැරැදිව ඉදිරිපත් කළ හැකි වන්නේ ……
  • මේ ප්‍රතිපදාව පුරන කෙනෙක් නිවන් දකිනවා මයි….. .
  • ඒ බවට ඔබට දිවුරන්නේ අපි නෙමෙයි තිලෝගරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ මයි…. .
තෙරුවන් සරණයි !!!.
7 - ප්‍රතිපදාව ඉතාම වැදගත් 
දකින පේන ඇහෙන හැමදේම  චේතනා, සිතුවිලි මයි.
 
“චිත්තෙන නීයති ලොකො”
 
  • සිතේම මැවෙන ලොකය….
  • ලෝකය සත්‍ය නෙමේ, මායාවක් ….
  • හැම මොහොතෙම “මේ මගෙ සිත”  කියලා දකින්න  .
  • සොවාන් මාර්ගය මෙයයි……
  • සිත දකින්න, සිතට පුරුදු කරන්න .
  • ප්‍රතිපදාව ප්‍රායෝගික විය යුතුයි .
  • මෙලෙස කරන විට බාහිරින් මිදුනු, ලොකයෙන් මිදුනු, දුකින් මිදුනු බව ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි.
  • සිත තුළ ලබන මෙම දියුණුව සෝවාන් ඵලයයි.
  • ඔබත් සෝවාන් වෙනවා .
  • සසර දුකින් මිදෙනවා .
 
තෙරුවන් සරණයි !!!
8 - දකින පේන ඇහෙන හැමදේම  චේතනා සිතුවිලි මයි.

ප්‍රතිපදාව තමයි වැදගත් වෙන්නේ ….

  • ගඟේ ගහගෙන දණ්ඩක් වගේ, සමාජය ගහගෙන යන්න රැළි වලට හසුවෙන්න එපා. 
  • බුදු දහම  ප්‍රායෝගික ධර්මයක්.
  • ඒක ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ.
  • ඇත්තටම මේකෙ ඇදහිලි විස්වාස නෑ .
  • මේක සාන්දිට්ඨික ධර්මයක් .
  • මේ මොහොතේම ඔබ තුළින්ම ඔබටම ප්‍රත්‍යක්ෂ වන දහමක් .
  • ආගමට කොටුවෙලා, ඇදහිලි විශ්වාස වලට යට වෙලා, ඔබේ වටිනා මනුස්ස භාවය විනාස කරගන්න එපා .
  • අපිම හදාගත්ත  කාර්ය බහුල ජීවිතයක අපිම කොටුවෙලා.
  • උතුම් මනුස්ස භවයක් ලැබිලත් අවබෝධ කරන්න  බැරි වුනොත් ….?
  • කොයි  තරං තරම් අවාසනාවන්තද ? 
  • ඔබ සතෙක් වෙලා ඉපදුනොත් …?
  • ඔබට මොකද වෙන්නේ…. .
  • බලන්න සත්තු දිහා….
  • මොහොතකට හිතන්න ඔබත් ඔය සතෙක් වෙලා ඉපදුනා කියල.
  • බුදුන් වහන්සේට වැරදිලා නෙමේ මේ සසර දුක ගැන  කතා කළේ….. 
  • ඔබට සසර දුක දැනෙනවද ?
  • මේ තරගකාරී ජීවිතයට කොටුවෙලා  හිර වෙලා ඔබ අන්ධ වෙලා  ……
  • ඔබට සත්‍යය පේන්නේ නෑ .
  • ඔබේ මරණයට වැඩි කාලයක් නෑ .
  • මේ සත්‍ය අවබෝධ කරගන්න මනුස්ස ආත්මයක් ම ලැබෙන්න ඕන .
  • නමුත් එවන් මනුස්ස ආත්මයක් ලැබිලත් අද අපිට මොකද වෙලා ඇයි අපි මේ උමතුවෙන් දුවන්නෙ ….
  • මරණය අබියස, ඔබ ඔය හිතන් ඉන්න  එක දෙයක්වත් ලොකු නෑ .
  •  ඔබේ තරාතිරම වැඩක් තියෙනවද ?
  • ගේ දොර ඉඩකඩම් වතුපිටි මිල  මුදල්  ඔබ මැරෙන දවස වෙනකන් විතරයි වලංගු.
  • ඔබ මැරෙන දවස වැඩි ඈතක නෑ .
  • මරණය කොයි මොහොතේ  දැයි කියන්න බෑ .
  • අවිනිශ්චිත අවිනිශ්චිත ජීවිතයක් අතේ තියාගෙන ඔබ මොකද මේ කරන්නේ .

“චන්න මමත් මැරෙනවද?

චන්න මමත් ලෙඩ වෙනවද ?

ඡන්ද මමත් මහලු වෙනවද? “

  • මේ ටික තේරෙන් නැත්තං ඔබ  ඇත්තටම ජීවමාන මළකඳක් වගේ.
  • පුංචි (මනෝමය සැපකට ) ඔබ විඳින දුකක්.
  • ඔබ හිතනවා සැපක් කියලා 
  • ඔතන තියෙන දුකක් මයි.
  • ඔබට තවම තේරිලා නෑ….. .
  • මැරුණු දවසට …..
  • බුදුන් වහන්සේ වගේ ඔබ සත්‍ය හොයනවා.
  • ඇත්ත පෙනි පෙනීම නොපෙනෙන අන්ධයින්ට ඒ සත්‍යය කියලා දෙන්න  මේ  දරන උත්සාහය  ගැන ඔබ වැරදියට හිතන්න එපා….. .
  • උඩ බලාගෙන කෙල ගැහුවහම  මූණටම වැටෙනවා.  
  • මේ ධර්මය අනුව “ඔබමයි මා “
  • ඔබ ඔතන නැත්නම් මෙතන මමත් නෑ
  • ඒ පරම සත්‍යය ඔබට තාම  තේරෙන්නේ නැහැ.
  • උඹයි මායි කියලා  දෙන්නෙත් නෑ .
  • දවසක ඔබට වැටහේ වි…..
  • එතෙක් ඔබට….
 
 තෙරුවන් සරණයි !
9 - බුද්ධෝත්පාද කාලයයි මේ - බුදු දහම  ප්‍රායෝගික ධර්මයක්

ප්‍රතිපදාව –  සිත දැකිම ?

 
  • සිත දකින්න කිව්වට, සිත  දකින්නේ කොහොමද කියලා කවුරුත් දන්නෙ නෑ ….
  • එතනයි ගැටලුව තියෙන්නේ  .
  • “ධර්මය” කියන්නේ සිතින් සිත දැකලා, එන එන  සිත අඳුනගෙන, සියලු සිත් වලින් මිදිම තුළ ලබනසුවයයි.
  •  දුකෙන් මිදෙන මග එයයි.  
  • ධර්මය තියෙන්නේ එතනයි .
  • ලෞකික සුවය බොළඳයි.
  • ලොව්තුරු සුවය සදාතනිකයි .
  • එය ඔබට මේ මොහොතෙම  අත්විඳිය හැකියි.
  • එමගයි අප ඔබට කියලා දෙන්න .
  • ඔබට ඒ අත්දැකීම නෑ …..
  • ඒ නිසා ඔබ විශ්වාස කරන්නෙ  නෑ .
  • ඔබ උපතින් බෞද්ධයි.
  • ඒ නිසාම ඔබ ධර්ම දන්නෙ නෑ . 
  • ඔබට දැනගන්න ඕන කමක් නෑ .
  • ඔබ නොදන්නා බවයි, ඔබ නොදන්නාකම .
  • ඔබ සත්තු මරන්නෙ නෑ, බොරු කියන්න නෑ, කාමේ වරදවා හැසිරෙන්නෙ නෑ, පන්සිල් රකිනව
  • ඔබ හිතන්නේ ඔබ හොඳ කෙනෙක් කියල….
  • ඇත්තටම ඔබ  ඉන්නෙ දෘෂ්ටියක ….
  • මේ දේශනය තුළ මේ කතාවේ සත්‍ය පැත්ත ඔබට අහන්න ලැබෙනවා.
  • මෙය අහන ඔබ මහා පින්වන්තයි .
  • ඔබට පුළුවන් නිවන් දකින්න .
  • බුද්ධෝත්පාද
    දේශනා හොඳින් අසන්න….. 
 
තෙරුවන් සරණයි!!! .
10 - ප්‍රතිපදාව - සිත දැකිම ?

සිත දකිමින්  කටයුතු කරන්න.

 
  • ඔබට කුමන ආකාරයෙ සිතක් පහළ වුවත් ඒ සිත පහළ වූ බවට  පමණක් සිහිය පිහිටුවා  ගන්න.  
  • සිත දැකීමයි වැදගත් වන්නෙ.
  • ඒ සිත කුමක්ද කියන කාරණාව නෙමෙයි.
  • ඔබට මේ මොහොතේ සතුටක් දැනේ ද . 
  • ඒ සිත දකින්න .
  • ඔබට  මේ මොහොතේ දුකක් දැනේ ද .
  • ඒ සිත දකින්න .
  • මෙලෙස  එන එන හැම සිතක්ම ඇති වෙනවා නැති වෙනවා නුවණින්  දකින්න.
  • මෙලෙස සිත දිහා බලා සිටිම ඉතාම වැදගත්.
  • හටගන්න සිතුවිලි වලට රිංගන්න යන්න එපා.
  • සිත දැකිම විපස්සනාවයි .
  • මෙය විපස්සනා භාවනාවේ මූලික පියවරයි .
  • ප්‍රායෝගිකව නිවන් මඟට කටයුතු කරන කෙනෙකුට  සිත දකින්න පුරුදු  කිරීම ඉතාම වැදගත් වෙනවා.  
  • ඉදිරි පියවර එකින් එක පසුව කතා කරමු ……
තෙරුවන් සරණයි!!! .
 
11 - සිත දකිමින් කටයුතු කරන්න.
ඔබට මැරිල නෙමෙයි, මේ ආත්මෙදිම පුළුවන් නිවන් දකින්න 
  • මේ ජිවිතයෙදිම, මේ මොහොතෙම ඔබ සෝවාන් වෙලා සසර දුකින් මිදිලා  ඔය කරනවැඩ ඔය විදිහටම කරනවා.
  • අද අදම ධර්මය අවබෝධ කරගන්න ඔබට  පුළුවන් 
  • අපි ඇප වෙනවා 
  • අප ක්‍රමය කියන්නන්…..
  • ඒය  ඉතාම පහසුයි 
  • කාලයේ වැලි තලාවට යට වූ ඒ පරම සත්‍යය අප අවබෝධ කළා 
  •  මුළු සමාජයම මුලාවකට වැටිලයි තියෙන්නේ.
  • අප දන්නවා මේ කතාව ඔබ  විශ්වාස කරන්නෙ නැති බව 
  • නමුත් සත්‍යය සැඟවිය නොහැකියි 
  • අප සෝවාන් මාර්ගය නිවැරදිව ම  ලොවට හෙළි කරනවා 
  • සියවස් ගණනාවකට පසු ඒ පරම සත්‍යය ලොවට හෙළි කරන ඒ දැවැන්ත යුග පෙරලිය ළඟ ළඟම එනවා….. 
  • මිත්‍යාදෘෂ්ටියට තවදුරටත් ඉඩක්  ලැබෙන්නේ 
  • ඒ පරම සත්‍යය අපි හෙළි කරනවා …..
  • ඔබත් ඒකාන්ත ම නිවන් දකිනවා ….
  • සූදානම් වන්න වන්න….
  •  මේ  බුද්ධෝත්පාද කාලයයි ….
  • ඔබ අප සුළු කොට තකන්න එපා.
  •  

ඔබ කිසිදාක නොඇසූ දහමක් මේ දේශනා කරන්නේ ….. 

“පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු “
 
  • මහණෙනි, මම නුඹලාට පෙර නොඇසූ විරූ  දහමක් දේශනා කරන්නේ…..   
  • අප ද ඔබට එලෙසින්ම පවසනවා. 
  • එදා බුදුන් වහන්සේ දේශනා කළ අයුරින්ම අපද  ඔබට දේශනා කරනුයේ ඔබ මින් පෙර කිසිදා නොඇසූ විරූ දහමක් මයි…..
  • පරම සත්‍ය සමාජයේ ඉස්මතු වී නෑ.
  • ඒ සත්‍ය යමෙක් දේශනා කරයි ද, ඒ යමෙක් අසා සිටි  ද, ඒකාන්තයෙන් ඔහු  සෝවාන් ඵලයට පත්වේ…. 
  • ඒක ඒකාන්තයි 
  • මේ යුගයේ උපදින හැමෝම මහා
  •  පුණ්‍ය වන්තයින්….
  • නියම දේ නියම වේලාවට සිදු වේවි…. 
  • එතෙක් ඉවසා සිටින්න ….
  • මේ දේශනා කරන දේශනා මාලාව තුළ ඒ රහස ගැබ්වී තිබෙනවා  
  • හොඳින් ශ්‍රවණය කර බලන්න ….
තෙරුවන් සරණයි !!!
12 - මැරිල නෙමෙයි මේ ආත්මෙදිම නිවන් දකින්න පුළුවන්

සදා අමරණීයත්වයට පත් වන හැටි 

  • අපිට සිතක් ඉපදී  නිරුද්ධ වෙනවා, තව සිතක් ඉපදී නිරුද්ධ වෙනවා, තව සිතක් ඉපදීම නිරුද්ධ වෙනවා….
  •  මෙලෙස  සිත් වැල් “ඇති වෙවි  නැති වෙවි”  ගමන් කිරීමයි “සංසාරෙ” කියලා කියන්නේ… 
  • අපි මේ කතා කරන්නේ හැමෝම කියන දේ ගැන නෙමෙයි.
  • ධර්මය තුළ කියවෙන පරම සත්‍ය ගැනයි අපි මේ කතා කරන්නෙ…..
  •  එදිනෙදා ජීවිතයේදී සංසාරේ  කියලා කියන්නේ  මැරිල  ඉපදීමට එහෙම නේද ?
  • නිවන් දකින කෙනෙකුට සසර  කියන්නේ සිත් ඇති වන  නැතිවන එකට.

“සිතක් ඉපදී ඊගාව සිත ඉපදෙන්න කලින් හිදසක් තියනවා .”

  • අන්න ඒ සිත්  දෙකක්  අතර ඇති හිදස තමයි,
  • ශුන්‍යතාව , 
  • මොහොතට අවධිය….,
  •  බුද්ධක්ෂණය… ,
  • ප්‍රභාස්වර සිත… ,
  • භවංග සිත…. ,
  • ශුද්ද ආත්මය… ,
  • සදා අමරණීය තැන…., 
  • ක්‍රියා සිත…. ,
  • මෙලෙස විවිධාකාර නම්වලින් හඳුන්වන ධර්මය තුළ පවතින ඒ සුවිශේෂි ස්ථානය මෙන්න මෙතනයි.
  • ඔබ නොදන්නවා විය හැකියි .
  • නාම රූප දෙකෙන් මිදුනු  තැන ශුන්‍යතාවය හමුවන්නේ.
  • ලෞකික භූමිය සිතුවිලි විසින් මෙහෙයවන භූමිය, 
  • කාම භූමිය ,
  • රූප භූමිය ,
  • අරූප භූමිය  ,
  • එනම් අප ඉන්න කාම භූමියට අයත් කාමාවචර සිත් පහළ වන සදෙව්ලොවත් එනම්, 
  • මනුස්ස ලෝකෙ ,
  • දිව්‍ය ලෝකය ,
  • සතර අපාය  ,
  • නිරය,
  • රූපාවචර සිත් හා  අරූපාවචර සිත් 
  • මේ සියලු සිත් අපේ සිත් තුළ හට ගනී.
  • ඔබ හිතන්නේ ඔබට මේ සිත් නෑ කියලා….
  • ඇත්ත, නමුත් ඔබ නොදන්නා කාරණාව නම් ඔබගේ ඔය සිත  තුළම   ඔය සියලු සිත් පහළ වන  බවයි.
  • ඒ දැකීම පහසු නෑ… .
  • ඔබේ සිත ඇතුළාන්තය මනාකොට දකින සිහිය ඔබට නෑ ….
  • ඇත්තටම කිව්වොත් ඔබ හරි “බිසී”
  •  ඔබට විවේකයක් නෑ….
  • ඔබ කාර්යබහුල වෙලා. 
  • ඔබ ධර්මය දන්නේ නෑ .
  • ඔබ අන්ධයෙක් වගේ ඉන්නේ…. 
  • ඔබ අන්ධයෙක් වගේ මැරිලා යනවා… 
  • ඔබගේ  ධම්ම චක්කුසය අවදි කරගෙන නැ.
  •  ඔබ ජීවිතය අගය කරන්නේ වෙන  වෙන දේවල්.
  • ඒ නිසා ඔබට ධර්මය වැහිලයි තියෙන්නේ.
  • සිතුවිලි වලින් ඔබේ සිත වැහිලයි තියෙන්නේ.
  • ඔබ විශ්වාස කරන, අදහන  දෘෂ්ටි මායාව ඔබේ සිත කොටු  කරලා   තියෙන්න… 
  • ඔබට ඒකෙන්  ගැලවෙන්න බෑ. 
  • ඔබ අන්ත   අසරණයි….
  • ඔබ නොදන්නවා වුණාට ඔබ ඔබේම වහලෙක්….
  • ඒ වහල්කම දකින්න ඔබට නුවණක් නෑ…
  • උඹ හිත විශ්වාස කරනවා.
  • ඔබ හිත කියන කියන හැම දේම කරනවා.
  • ඇයි එහෙනම් ඔබ  දුක් විඳිමින්නෙ.
  • ඇයි ඔබේ හිතට මරණ බය එන්නේ.
  • ඔබ ධර්මය සොයන්න ….
  • අපි ඔය කතා කරපු සියලුම සිත් ලෞකිකයි .
  •  දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ලෞකිකයි .
  • ඔබ තාම දන්නේ නැතිව ඇති ඔය සියලුම ලෝක වල ඉන්න අය  මරනවා.
  • ඔවුන් ගාව මර බිය තියෙනවා…. .
  • ඔබේ ඔය සිත තුළ  ඔය සියලුම ලොක  ටික තියෙනවා .
  •  ඔය සිත් දෙකක් අතර ඇති හිදස තුළ නිවනත් තියෙනවා.   
  • ඒකයි අපි කිව්වේ “මැරිල  නෙමෙයි නිවන් දකින්නෙ….” – මේ මොහොතේ මයි .
  • දිව්‍ය ලොකෙ , බ්‍රහ්ම ලෝකෙ,  සතර අපාය, ඔය  සියල්ලටම සිත තුළින් යන්න පුළුවන්.
  • අපේ දේශනා අහන්න ….
  • අපි ඔබට නිවරදිව පාර කියනවා …
  • ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි…. 
  • ඒ තාක් ඔබ  විස්වාස කරන එකක් නෑ .

මේක ප්‍රායෝගික දහමක්…. 

“සන්දිට්ඨිකො අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න  යේධම්මා”

 කිව්වේ එකයි .

  • ඇත්ත  දකින්න ලේසි නෑ …..
  • ඒකයි, බුදුන්වහන්සේ ප්‍රතිපදාවක් පැනවූවෙ ….
  • ප්‍රතිපදාව නිවැරදි නම්, 
  • සිත දැකීම තුළින් පමණයි මාර්ගය තුළ ගමන් කළ හැකි වන්නේ.
  • (නාම රූප දෙකෙන් මිදුනු  තැන) සිත දකින තැනයි  මාර්ගය උපදින්නෙ
  • ඒ සඳහා දර්ශන සමාපත්තිය තිබිය යුතුමයි …..
  • මාර්ගය තුළ (ශුන්‍යතාව තුළ) පමණයි  ලෝකෝත්තර සිත් පහල වන්නේ.
  • සිත දකිනම්….
  • සිතේ සත්‍යය දකීනම්…. 
  • සිතේ මායාව  දකීනම් …
  • සිතින් සිත  මිදේ නම් ….
  • ඔබට පහළ වන්නේ සෝවාන් මාර්ග සිතයි.
  • මෙලෙසයි ලෝකෝත්තර සිත් පහළ වන්නේ…. .
  • මෙලෙස ආර්ය භූමියට ප්‍රවේශ වන්නේ…. .
  • මෙලෙසයි ඔබ භව නිරෝධයට පත් වන්නේ …..
  • භව  නිරෝධය දකින කෙනායි  “බෞද්ධයකු” වන්නේ…. .
  • මෙය දකින තාක්  ඔබ බෞද්ධයකු නොවේ….. .
  • ඒතාක් ඔබ   “මිත්‍යාදෘෂ්ටිකයි.”
  •  මෙය අවබෝධ කරගත් කෙනා “සම්මා දිට්ඨියට” පැමිණි  කෙනායි….. 
  •   කනගාටුවට කරුණ අද බොහෝ භික්ෂූන් වහන්සේලාට  පවා මේ අවබෝධය නෑ.
  •  එහෙවූ බෞද්ධ සමාජයට කවර පිළිසරණක් ද  ?
  •  හැමෝම අසරණයි…..
  • මෙය අසන ඔබ  මහා පින් ඇත්තොම වේ …..
  • ඔබ  නිවනින්ම සැනසීම ලබනවා !
  • ඒක ඒකාන්තයි !
  • අප පෙන්වන මේ මාවත නිවනට ඇති එකම මගයි .

“ඒකායන මග්ගො අයං භික්කවේ “

  • මහණෙනි, එකම මගයි නිවනට ඇත්තේ…. .
  • බුදුන් වහන්සේ වදාල සෙම අපද ඔබට පවසනවා….
  • එය මයි මග …
  •  සතර සතිපට්ඨානය තුළ ඇත්තේ මේ මාර්ගයයි .
  • නමුත්,  අද බොහෝ අය සතර සතිපට්ඨානය කියෙව්වට ඒ මාර්ගය දන්නේ නෑ….
  • අප ඔබට මාර්ගය පෙන්වමි …..
  • ඔබටත් පුළුවන් නිවන් දකින්න ….
  • මේ ජීවිතය තුළදීම ඔබ නිවන් දකිනවා…. 
  • මේ වදන් ඇහෙන ඔබ මහා පින්වන්තයි …..
  • අපට මේ දහම ප්‍රත්‍යක්ෂයි… .
  • අපට නැවත උපතක් නෑ ….
  • මෙය අපගේ අන්තිම බවයයි …..
  • අපට මරණයක් නෑ… .
  •  ඔබටත් මේ ධර්මය අවබෝධ  වේවා!!.
  • අප ඉදිරිපත් කරන මේ දේශනා මාලාව  හුදෙක් ධර්ම දේශනයකට සීමා සීමාවූවක් නොවේ….  .
  • යුග පෙරළියක ආරම්භයක් වේවි  !
  • හොඳින් ශ්‍රවණය කරන්න ..

“පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු “

  • අප ඔබට දේශනා කරන්නේ පෙර නො ඇසූ විරූ දහමක් ….
  • එය සුළු කොට තකන්න එපා !
තෙරුවන් සරණයි !!!
 
13 - සදා අමරණීයත්වයට පත් වන හැටි... 

බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?

  • ගාථාවක් කියලා බෞද්ධයෙක් වෙන්න බෑ.

බුද්ධං සරණං ගච්ඡාමි 

ධම්මං සරණං ගච්ඡාමි 

සංඝං සරණං ගච්ඡාමි 

  • මෙහෙම කියන්න පුළුවන් සෝවාන් ආර්යවරයෙකුට පමණයි.
  • තුන් සරණය යන්න  පුළුවන් දර්ශන සමාපත්තිය  අවබෝධ වූ ආර්ය වරයෙකුට පමණයි.
  • මේ සාසනය තුළ තෙරුවන් සරණ ගියේ භව නිරෝධයට පත් වුණු අය පමණයි…..
  • අද ඉන්න බෞද්ධයෝ භවය පතනවා, දිව්‍ය ලෝකෙ යන්න හොයනව…. .
  • මීට වැඩිය හොඳ ලෝකයක් ඇති කියලා හිතනවා…. 
  • එතන තියෙන්නෙ සසර පැතීමයි.
  • ඒක හැම ආගමකම කරනවා.
  • ඔබත් හිතල බලන්න.
  • මේකෙ වරදක් තියෙනවා නෙද? 
  • ඔබට තේරෙනවද? ….
  • භවය පතන මුළු බෞද්ධ සමාජයම මිථ්‍යාදෘෂ්ටිකයි.
  • ඔබ මොනවා හිතුවත් සත්‍යය අපි පැවසිය යුතුයි.
  • ඉල්ලුමට සැපයුම දෙන්න නෙමෙයි භික්ෂුවක් ඉන්නේ.
  • සත්‍ය පවසන්නයි භික්ෂුවක් ඉන්නේ.
  • නමුත් අද ලොකු හාමුදුරුවරු පොඩි හාමුදුරුවන්ට සත්‍ය පවසන්න ඉඩ දෙන්නෑ.
  • දානෙ නොලැබෙයි කියලා බයයි.
  • නමුත් සත්‍ය සත්‍යමයි.
  • මුළු සමාජයම කනවැල අල්ලාගෙන යන  අන්ධයෝ වගේ යනවා.
  •  මෙහෙව් සමාජයකට නිවන් මග ගැන කවර කතාද ?
  • ඔබත් අන්ධයෙක් වගේ ඉපදිලා, අන්ධයෙක් වගේ ජීවත් ජීවත්වෙලා, අන්ධයෙක් වගේ මැරිලා යනවා… කියලා අපි කියන්නේ අන්න ඒ නිසයි. 
  • මුළු සමාජයම මිථ්‍යාදෘෂ්ටිකයි .
  • බොහොම සුළු පිරිසයි සුගති පරායන වන්නේ. 
  • ඒ අය  නිවන් මගට යොමු වනු අයයි.
  • අන්න ඒ නිවන් මගට යොමු වුණු අයටයි ප්‍රතිපදාවක් ඕන කරන්නේ. 
  • අනිත් අයට ඕන කරන්නේ පෙරහැරක් …
  • අර දොළුකන්දේ පැන් බොන්න ගියා වගේ ….
  • මතකද අපේ සමාජය ගොන්රැල  දොළුකන්දේ පැන් බොන්න ගියා බස්වලින් …..
  • අද ඒ පැත්ත බලන්නෙවත් නෑ…. 
  • අද එතන ඉන්නවා රිලව් 
  • කැලෑව ඇතුලෙ අපේ අය කෝටි ගණන් වටින ගොඩ නැගිලි හදලා 
  • සමාජයට කාලෙන් කාලෙට රැලි  ලියනවා …
  • ධාතු වන්දනා රැලි… 
  • කපුරුක් පූජා රැලි …
  • පලතුරු  වට්ටි පූජා රැලි …
  • භක්ති ගීත රැලි …
  • පහන් පූජා රැලි …
  • අපේ හාමුදුරුවනේ  මේ රැලිවලින් මොනවද බලාපොරොත්තු වුණේ …
  •  බෞද්ධයාගේ දර්ශනය විනාශ කළේ කවුද ?
  • තවදුරටත් මිත්‍යාදෘෂ්ටියට මේ සමාජය ඇදලා දාන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ .
  • යුග පෙරළියක ආරම්භය ළඟ ළඟම එනවා …..
  • සත්‍ය ධර්මය බැබළෙන යුගය  වැඩි ඈතක  නෑ

ඔබත් සූදානම් වන්න.

නිවන් දකින්නට කාලයයි මේ ….

  • ඒ උතුම්  පින් ඇත්තොම තව තවත් උපදීවා….
  • මේ යුගයේ උපදින අය මහා පින්වන්ත යොමයි ….
  • ඔබටත් පුළුවන් නිවන් දකින්න !
  • අපි ඔබට මග පෙන්වන්නම් 
  • අපි ඒ මඟ සොයාගත්තා අපිට මේ දහම ප්‍රත්‍යක්ෂයි… .
  • අපි ඔබට ප්‍රතිපදාව පෙන්වන්නම් !
  • අපි ඔබට මාර්ගය පෙන්වන්නම් !
  • ප්‍රතිපදාව පොතක නෑ.
  • මර්ගය පොතක නෑ. 
  • එය ප්‍රත්‍යක්ෂ වූ අයකුගෙන් ම දැනගත යුතු වෙනවා… .
  • අද සත්‍ය අවබෝධ කරගත් භික්ෂූන් වහන්සේලා ධර්මය දේශනා කරනවා .
  • හැබැයි ඒවා ප්‍රසිද්ධ මාධ්‍ය වල යන්නෙ නෑ 
  • ඔවුන්ට ධර්මය  දේශනා කරන්න ප්‍රසිද්ධ මාධ්‍ය වල ඉඩ දෙන්නෙත් නෑ
  • අපි මේ කියන්නේ රහත් වෙලා කියනප්‍රසිද්ධ භික්ෂූන්වහන්සේලා ගැන  නෙමෙයි.  
  • ඒ අය  කරන්නේ රැවටීමක් …
  • රහත් වුණු කෙනෙක් නැතිකොට,  කෙනා නැති වීමම රහත් භාවය වනකොට එහෙම කියන එක මහ මෝඩකමක්….
  • අපි මේ කියන්නේ ඇත්තටම සත්‍ය  අවබෝධ කරගත්ත ඒ උතුම්  මාර්ගඵල ලාභී හිමිවරු ආරාම ගතව හුදෙකලාව අපට හමුවෙලා තියෙනවා.
  • ඒ අය ප්‍රසිද්ධියට කැමැති  නෑ.
  • ඒ අයට එහෙම අවශ්‍යතාවයකුත් නෑ .
  • එනිසාම ඒ අය කියන ධර්මය  කවුරුත්  අහන්නෙත් නෑ.
  • සංස්කෘතිය තුළ තියෙන බුද්ධාගම  තුළ ධර්මය නැති බව ඒ අය හොඳට දන්නව.
  • අද  ලිවිලා තියෙන පොත් පත් ප්‍රායෝගික නෑ.
  • ඒ නිසාම ධර්මය ප්‍රායෝගික පැතිකඩ සමාජයට සැඟව ගොසින්.
  • අපි එය හෙළි කරනවා… .
  • ඒ භික්ෂූන් වහන්සේලාගේ නිර්මල දේශනා අපි ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරනවා .
  • එතෙක් ඉවසා සිටින්න.
  • අන්ධකාරයේ සිටි ඔබට ධර්මයේ   හිරු පායන යුගය ළඟ ළඟම එනවා 
  • එතෙක් ඔබට …..
 තෙරුවන් සරණයි !
 
14 - බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?

සද්ධර්ම ප්‍රතිරූපක

අනාගත බුද්ද වචනය  – ආණි සූත්‍රය 
 
අනාගතයේ ගාථා කියන ආමිසයට  ගිජු වූ සමාජයක් බිහි වන බව බුදුන් වහන්සේ දේශනා කරනවා… 
 
අනාගතයේ භික්ෂූන් වහන්සේලා සුඤ්ඤතා පටිසංයුක්ත දේශනා දේශනා කරන්නේ නැති බව එ තුළ සඳහන් වෙනවා …
 
සද්ධර්ම ප්‍රතිරූපක යනු :-
 
  • ආමිසයට ගිජු වුණු දේශනා …
  • තාලෙට ගාථා කියන දේසනා ….
  • බවය ( දිව්‍යලෝක) පතන දේසනා…
  • අද සමාජය තුළ බුද්ධාගම කියලා     තියෙන්නේ  ඒවා නේද  ?
  • ඒක බුද්ධ ධර්මයට පටහැනියි.
  • ඒ තුළ නිවන් මග නෑ .
  • බුදුන් වහන්සේ මීට අවුරුදු දෙදහස් පන්සීයකට පෙර, අනාගතයේ ගාථා කියන සමාජයක් බිහි වන බව දේශනා කරනවා .
  • ඒ දේශනා කරපු යුගය අදයි …..
  • ඔබ දැනුවත් විය යුතුයි ….
  • බොහෝ දෙනා නොදන්නා කාරණා තියෙනවා …..
  • ධර්මය නිවැරදිව දේශනා නොකලොත් සාසනයේ  විනාශය එය යි…..
  • අපි මේ ඉදිරිපත් කරන දේශනය  ඉතාම වැදගත් .
  • සමාජයේ සැඟවුණු කාරණා බොහොමයක් අප හෙළි  කරනවා.
  • ඔබ නොදන්නා නිසාමයි රැවටෙන්නේ අන්ධකාරය, අවිද්‍යාව තුළයි .
  • ධර්මය නොදන්න තාක් අපි අන්ධයි 
  • ඔබටම සත්‍ය වැටහේවි 
  • අන්න එදාට ඔබ තෙරුවන් සරණ යාවි. 
  • ඒ තාක් ඔබට ධර්මය සරණ නෑ 
  • ඒ නිසා ඔබ දෙවියන් සරණ යනවා ….
  • දේවාලෙට ගිහිල්ලා බාරයක් වෙනව…
  • ඔබ සරණ යන්නේ කවුරුන්ද  ?
  • ඔබට ධර්මයේ  සරණ නැද්ද ?
  • ධර්මය නොදන්න ඔබට තෙරුවන් සරණත් නැතිවෙලා  .
  • අසරණයි නේද  !
  • මේ බෞද්ධ සමාජයේ භික්ෂූන්  වහන්සේලාත් ධර්මය නොදන්නා  කළ ඔබට කුමන සරණත් ද   ?
  • ඔබ ධර්මය දැනගත්තොත් ඔබ කවදාවත් කෙලෙස් තියෙන  දෙවියන් සරණ යයි ද ?     නැ…..
  • අපිට කොතැනද වැරදුනේ   ?
  • මේ දේශනා ඒ සඳහායි …..
තෙරුවන් සරණයි  !!!
 
15 - සද්ධර්ම ප්‍රතිරූපක