බෞද්ධ භාවය වත් නැති බෞද්ධයෝ අද ඉන්නෙ.

 
  • කොහොමද බෞද්ධයෙක් වෙන්නේ ………
  • ගාථා කියලා බෞද්ධයෙක්  වෙන්න බැ.
  • පිලිමයකට වැඳලා   බෞද්ධයෙක් වෙන්න බැ.
  • මල් පූජා කරල බෞද්ධයෙක් වෙන්න බැ.
  • පන්සලට ගියාට බෞද්ධයෙක් වෙන්නෙත් නෑ.
  • උප්පැන්න සහතිකේ නම තිබ්බට බෞද්ධයෙකු වෙන්නේ නෑ .
  • අද ඉන්නේ මිත්‍යාදෘෂ්ටික බෞද්ධයෝ .

මේ දේශනය ඒ වෙනුවෙන්

ප්‍රතිපදාව නිවන් මගට 15 (මෙත්මල් අරණ )

 
තෙරුවන් සරණයි ….. !
 
1 - බෞද්ධ භාවය වත් නැති බෞද්ධයෝ අද ඉන්නෙ

ක්ෂීණාශ්‍රව රහතන් වහන්සේ 

 
  • ආර්ය ප්‍රතිපදාව තුළ සිටිමින් ඔබ එදිනෙදා කටයුතු කරන්න. 
  • තණ්හාව නැති කරන්න බෑ .
  • රාග ද්වේශ මෝහ නැති කරන්න බෑ 
  • ප්‍රතිපදාව තුළ කටයුතු කරන විට රාග දේශ මෝහ  (තණ්හාව) ක්ෂය වී ගෙන යනවා 
  • කෙලෙස් ක්ෂය වන ප්‍රතිපදාවක අප කටයුතු කළ යුතු වෙනවා .
  • ක්ෂීණාශ්‍රව රහතන් වහන්සේ
  • නමක් බිහිවන්නේ එලෙසයි.
  • ආශ්‍රව කෙලෙස් ක්ෂය වන ධර්මයන් (හිතලා නැති කරන්න බෑ )
  • නිවන් මගට කටයුතු කරන අයෙක්ගේ ප්‍රතිපදාව ඉතාම වැදගත් 
  • බුදුන් වහන්සේ  ප්‍රතිපදාවයි අගය කළේ…..
  • තෙලින් මලින් මා පුදන්නෝ මා  පුදන්නෝ නොවෙති .
  • ප්‍රතිපත්තියෙන්  මා පුදන්නෝ මා  පුදන්නෝ වෙති.
  • අන්න ඒ ප්‍රතිපදාව නිවැරදිව අපි හඳුනා ගනිමු …..

මේ දේශනා මාලාව ඒ සඳහායි .

තෙරුවන් සරණයි !
2 - ක්ෂීණාශ්‍රව රහතන් වහන්සේ

මරණයක් නැති ජීවිතේ 

 
  • සත්‍යය ඔබ දකීද 
  • මරණය යනු සිතුවිල්ලකි.
  • ඇත්තටම මරණයක් නෑ .
  • ඒක අවබෝධ කර ගැනීම ලේසි නෑ .
  • සිතේ සත්‍ය දකින්න 
  • එක් ක්ෂණික උපත මරණය දැක ගන්න.
  • මේ සිත හැම මෝහොතෙම ඉපදෙනවා මැරෙනවා.
  • කය පොළොවට පස් විම  මරණයක් නොවේ.
  • මෙලෙස ඔබ සත්‍යය අවබෝධ කරගත්තොත් ඔබට කිසිදා මරණයක්  හමු නොවේ.
  • එදාට ඔබ සදා අමරණීයයි.
  •  ඒසත්‍ය අවබෝධ කරගැනීමේ ප්‍රතිපදාවයි මේ.
  • මේ ප්‍රතිපදාව තුළින් ලොව්තුරු සුවයට පත් වේ.

මේ දේශනය ඒ සඳහායි …..

තෙරුවන් සරණයි !!!
 
 
3 - මරණයක් නැති ජීවිතේ 

ඔබ කිසිදා අසා නැති ආර්ය දේශනා.

 
  • සමාජ ගතව ඇති බුදු දහම කුමක්ද ?
  • සම්මුතිය තුළ සමාජය තුළ 
  • ධර්මය පවතීද ?
  • දහම් පාසලේ, පිරිවෙන්, ත්‍රිපිටකය තුළ ඇති ධර්මය සත්‍යද ?
  • ඔබ සිතන දේ හරි …..
  • කොහොමද විශ්වාස කරන්නේ ….
  • මේ කියන දේවල් විශ්වාස කරන්න එපා …..
  • ඔබටම  දවසක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි ….
  • එතකම් පිළිගන්න එපා !
  • දැනුමට පමණක් දරාගන්න…. .
  • මෙයයි සත්‍යය !
  • සත්‍ය සත්‍යමයි !
  • මේ දේවල් පිළිගත්තොත් මුළු  සමාජයම සෝවාන් වේවි ….
  • එහෙම වෙන්නේ නැති බව අපි  දන්නවා.
  • ස්වභාදහමේ න්‍යායට අනුව ටිකෙන්   ටික ඒ දේ සිදුවෙවි.
  • කිසිවෙක් කලබල විය යුතු නෑ .
  • රහතන් වහන්සේලා බිහිවෙන  යුගය ළඟ ළඟම එනවා .
  • සත්‍යය ධර්මය ඇසීමට සැලැස්වීම අපගේ යුතු කමයි .
  • ඔබත් අසා බලන්න ……
 
තෙරුවන් සරණයි !
4 - ඔබ කිසිදා අසා නැති ආර්ය දේශනා .
5 - ආර්ය භූමියට ප්‍රවේශවන්න .

ආර්ය භූමියට ප්‍රවේශවන්න.

  • නාමයෙන් මිදුනු තැන…..
  • රූපයෙන් මිදුනු තැන……
  • ශුන්‍යතාවය හමුවේ.
  • එතනයි මාර්ගය හමුවන්නේ ……
  • එතනයි සම්මා දිට්ටිය හමුවෙන්නෙ 
  • මධ්‍යම ප්‍රතිපදාව හමුවන තැන එතනයි …………………!
  • බුදුන් සරණ යන තැන එතනයි…..
  • ධර්මයේ සරණ යන තැන එතනයි ….
  • සංඝයා සරණ යන තැන එතනයි 
  • මෙතැනට  නොපැමිණි කිසි කෙනෙක් බෞද්ධයකු නොවේ .
  •  ආර්ය භූමිය හමුවන තැන මෙතැනයි ………………!
  • මධ්‍යම ප්‍රතිපදාව ………………!
  • දැන් ඔබගේ ප්‍රතිපදාවයි ……..!
  • නිවන් දකින ප්‍රතිපදාව………….
  •  හදුනා  ගනිමු …………………….

මේ දේශනය ඒ සඳහායි ………….

අසන්න….

6 - ඔබෙ සිතේ බුද්ධක්ෂණය දුටුවද 

ඔබෙ සිතේ බුද්ධක්ෂණය දුටුවද 

  • ඔබ සිත දකීද…………….
  • ඔබ සිතේ සත්‍ය දකීද…………..
  • ඔබ සිතේ සත්‍ය දුටු විට ……
  • සිත සිතින් මිදෙන බව දුටුවද……
  • එවිට සිත ශුන්‍ය වෙ………….
  • ශුන්‍යත චේතෝ විමුක්තිය දුටුවද ?
  • සිතුවිලි දෙකක් අතර හිදසක් …..?
  • එතනයි  සුඤ්ඤත චේතෝවිමුක්තිය හමුවන තැන …..
  • එතනයි බුද්ධක්ෂණය හමු වන තැන……………………..
  • එතනයි බුද්ධ භාවය පවතින්නේ ……
  • හැම හිතකම බුද්ධ භාවය පවතිනවා ………………
  • සිතුවිලි නැති තැන බුද්ධක්ෂණයයි
  • ඔබ ඔබෙ සිතින් බුදුන් දකීනම් නිවන් දකිනවා නියතයි .
  • අමතක කරන්න එපා …………..
  • සිද්ධාර්ථ බුද්ධත්වයට පත්වුණා …..
  • මේ පරම සත්‍යය මුලින්ම අවබෝධ කළ නිසා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුද්ධත්වයට  පත්වුණා .
  • නමුත් බුද්ධ බාවය ලොකයේ පවතිනවා .
  •  සෑම සිතකම බුද්ධ භාවය පවතිනවා ඔබේ සිතෙත් පවතිනවා
  • නමුත් ඒ දැකීම ලේසි නැහැ …………
  • ඒ දැකීමට නම් ඒ ස්වභාවයට සිත පත්විය  යුතුයි  ……………….
  • බුදුන් වැඩ ඉන්නේ මැටි පිළිමයක නොවේ ……………………..
  • බුදුන් වැඩ ඉන්නේ  ඔබේ සිත තුල මයි……………….
  • අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු ………
  • මිත්‍යාදෘෂ්ටි වලින් වැසුණු ………………
  • පුහුදුන් පෘථග්ජන මනසකට බුදුන්  දැකිය නොහැකියි ……………………..
  • දැන් ඔබම තීරණය කරන්න …….
  • ඔබ ඉන්නේ කොතනද කියලා …….
  • සත්‍ය නොදන්නා තාක් ඔබ ඉන්නෙ  අන්ධකාරේ  

බෞද්ධ කම වත් නැති අසරණ බෞද්ධ සමාජයට අපි කුමක් කියමුද………………..

අසන්න….

YouTube video ආර්ය ප්‍රතිපදාව 5

7 - සිත නැති කය

සිත නැති කය .

  • අපි නොදකින අපේ කතාව …..
  • අපිට අපිව කවදාවත් හමුවෙලා නෑ …..
  • මායාව තුළ මායා මවන සිහින කතාව ……
  • අපි කවුරුද ?
  • සිහිනෙන් මිදුණු සිහිනය .
  • සිහිනයකට පුලුවන්ද සිහිනයක්  බව දැනගන්න ?
  • කුමක්ද සත්‍ය ?
  • සිතක් තිබෙන තැන නිවනත් තිබෙ !
  • සිත යනු මායාවයි !……….
  • නිවන යනු මොහොතයි !………….
  • බුද්ධක්ෂණය  මේ මොහොතයි !…….
  • මොහොතට අවදිවන්න !……………
  • ඔබ මේ ජීවිතයේදී ම නිවන් දකිනවා .
  • මැරිලා නෙමෙයි ජීවත්වන කොටම .
  • ලොව්තුරු සුවයට පත් වෙනවා .
  • මාර්ගඵල ඔබටත් හිමියි.
  • මේ පවසන්නේ නිවන් මගයි .
 
හොඳින් අසන්න !
 
 
තෙරුවන් සරණයි   !……………….
8 - අපි ඉන්නෙ දෘෂ්ටි කාන්තාරෙක අතරමං වෙලා.

අපි ඉන්නෙ දෘෂ්ටි කාන්තාරෙක අතරමං වෙලා.

  • * අපි හරිම අසරණයි.
  • * භවය පතන කෙනා බෞද්ධයකු නොවේ.
  • * සමාජය තුළ මිථ්‍යා දෘෂ්ඨික ආගම් වලින් බුදු දහම වැහිලයි තියෙන්නේ.
  • * ලොව පරම සත්‍යය ආගමකට අයිති නෑ.
  • * බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ සියලු සත්වයින්ට දුකින් මිදීම සඳහා යි.
  • * ඇත්තටම ඔබ සැබෑ බෞද්ධයෙක් නම් බණ කියන්න අවශ්‍යත් නැහැ.
  • * බුද්ධ ධර්මය තුළ ඇත්තේ නිවන් මඟයි.
  • * නිවන ඇත්තේ භවයෙන් මිදුණු තැනයි.
  • * භව පතන කෙනා බෞද්ධයකු නොවේ.
  • * දිව්‍ය ලෝකයෙ යන්න බලන් ඉන්නවා නම්, දිව්‍ය ලෝකෙ පතනව නම් ඔහු බෞද්ධයකු නොවේ.
  • * බුද්ධ ධර්මය තුළ ඇත්තේ නිවන් මඟයි.
  • ” භව නිරෝදො නිබ්බානො “
  • * නිවන ප්‍රාර්ථනා කරල ලබන දෙයක් නොවේ.
  • * ධර්මය අසන්න. ධර්මය ඇසෙන යුගයක ඉපදුණු ඔබ මහා පින් ඇත්තෝම වේ.
  • * නිවන් මඟට ප්‍රවේශ වන්න.
  • * ඔබටත් පුළුවන් නිවන් දකින්න.
  • * ඔබට නිවන් දකින සත්‍ය බණක් ඇසේනම්, එයම ඇති ඔබට සුගති පරායන වන්න.
  • * ඒ නිස්සරණ මග හඳුනා ගත්තොත්, කෙදිනක හෝ ඔබ නිවනින්ම සැනසීම ලබනවා.
  • * ඒතාක් ඔබට උරුම වන්නේ දුගතිය මයි.
  • * සසරට බයේ දිව්‍යලෝකෙ පතන්න එපා. එවිට ඔබට උරුම වන්නේ දුගතිය මයි.
  • * අද හාමුදුරුවරුත් ඒ වරද කරනවා. ඒ අය යන්නේ දෙව්දත් ගිය මගේ. දෙව්දත් කරපු සේරම දේවල් ඒ අයත් කරනවා. ඒ අයට උරුම වන්නේ අවීචි මහා නරකාදිය පමණයි .
  • * අනාගතේ භික්ෂූන් වහන්සේලා මහා තෙරවරු විදිහට අධර්මය දේශනා කරන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. ඔබ පරිස්සම් වන්න.
  • *දිව්‍යලෝක යන්න බණ කියනවා කියන්නේ ඔබගේ ආශාව, තණ්හාව, රාගය වැඩි වෙන බණක් කියන්නේ. රාගය වැඩි වෙන බණ කියයි නම් බුද්ධ දේශනයක් නොවේ.
  • * අනාගතයේ පොත් ලියාගෙන මේ විදිහට බුදුන් වහන්සේ කිව්වා කියලා ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා බිහිවන බව බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ මනාව දේශනා කොට තිබේ.
  • *කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ අද ඒ දේ කරනවා. ඒ අනුව යමින් සමහර භික්ෂූන් වහන්සේලා ඒ වරදම කරනවා.
  • * ඔබ පරිස්සම් වෙන්න. මේ ලබපු මනුස්ස භාවය මිත්‍යා දෘෂ්ටියට යට වෙන්න දෙන්න එපා.
  • * ඔබත් හොයලා බලන්න .
  • * බුදුන් වහන්සේ දේශනා කරන්නේ නිස්සරණ මග.
  • * එහි තණ්හාව අඩු වන තැනයි නිවන් මග තියෙන්නේ.
    බුදුන්වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ “ශුන්‍යතා පටිසංයුක්ත ” ධර්මයක් .
  • *අපිට බොරු කියන්න බෑ. අපි මේ ධර්මය අවබෝධ කළා. සත්‍ය නම් සත්‍යමයි.
  • *ඔබ කැමති වුණත් අකැමැති වුණත් සත්‍ය කිසිදා සැඟවිය නොහැකියි.
  • *නිවැරදි ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා අද සිටිනවා.
    ඔවුන් දේශනා කරන නිවන් මගට අනුගත
  • “වොස්සග්ග පරිණාම වුණු “
  • ඒ පිරිසුදු ධර්මයේ ශ්‍රවණය කරන්න.
  • * එවිට ඔබටත් පුළුවනි සෝවාන් මාර්ගට පැමිණ සුගති පරායන වන්න.
  • * මේක මේ ආත්මෙදිම ඔබ ජීවත් වන කොටම මේ මොහොතෙම සිදුවනව.
  • * බුදුන්වහන්සේ වදාල ධර්මය.
  • “සන්දි ට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න”
  • * මේක මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ වන දහමක්.

තෙරුවන් සරණයි .

8 - අපි ඉන්නෙ දෘෂ්ටි කාන්තාරෙක අතරමං වෙලා.
16 -